මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    UNIDO කලාපිය නියෝජිතවරයා සහ කර්මාන්ත ඇමති අතර හමුවක්

    ජනවාරි 30, 2020

    මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජන කිරිමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) දකුණු ආසියානු කලාපිය නියෝජිත වෑන් බර්කල් (Van Berkel) මහතා ඇතුළු පිරිසක් පසුගිය දා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවිය.

    ඉදිරි වසර 05 සදහා එම ආයතනය මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙළ මෙහිදී දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් සාකච්ජාවට බදුන්විය. එම සාකච්ජාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, අමාත්‍ය උපදේශක සුදේෂ් නන්දසිරි යන මහත්වරු ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya