මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    ව්‍යාපාර,ව්‍යාවසාය සංවර්ධන අමාත්‍යාශයට අයත් නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ආයතන කිහිපයක් නිරීක්ෂණයට

    ජනවාරි 30, 2020

    කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර,ව්‍යාවසාය සංවර්ධන අමාත්‍යාශයට අයත් නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ආයතන කිහිපයක් ඇමති විමල් වීරවංශ මහතාගේ නිරික්ෂණයට පසුගිය දා ලක් වු අතර ,මෙම පරිශ්‍රයන් ප්‍රතිව්‍යුගත කර,ඵලදායි හා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශය පියවර ගන්නා ලෙස නිලධාරින්ට උපදෙස් දුන්හ.

    මේ යටතේ,කොළඔ කොළඔ දිස්ත්‍රික් කාර්යාලය යාබදව වසර දහයක පමණ කාලයක සිට ජාතික ව්‍යාවසාය සංවර්ධන අධිකාරිය(NADA),කහටගහ ග්‍රැපයිට් ප්‍රධාන කාර්යාලය,ලංකා පිඟන් සංස්ථාව,මාන්තායි සෝලිට් ලිමිටඩ් ප්‍රධාන කාර්යාලය, මෙන් ම කර්මාන්ත හි සැපයුම් අමාත්‍යාංහයේ බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අංශයේ ද පිහිටා තිබේ.

    මෙම හදිසි නිර්ක්ෂණ චාරිකාව සඳහා කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම්,කේ .ඒ රංජත් මහතා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර,ව්‍යාවසාය සංවර්ධන අමාත්‍යාශයේ ලේකම් මොන්ටි රණතුංග මහතාද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya