මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    නැඟෙනහිර පළාතේ පාසල් ආපනශාලාවලට “හෙළ බොජුන්” හදුන්වා දීමට වහාම පියවර

    ජනවාරි 30, 2020

    නැගෙනහිර පළාතේ සියළු පාසල් වල ඇති ආපනශාලා වල “හෙළ බොජුන්” හදුන්වා දීමට වහාම පියවර ගන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පසුගිය දා පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අයි.කේ.ජී.මුතුබණ්ඩා මහතාට නියෝග කළාය.

     

    නැගෙනහිර පළාතේ අධ්‍යාපන බලධාරීන් සමග ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී පැවති හමුවේ දී මෙම නියෝගය සිදු කළාය. පාසල් දරුවන්ගේ පෝෂණ මට්ටමේ ගුණාත්මකභාවයක් මෙමගින් ඇති වන බවද ආණ්ඩුකාරවරිය කීවාය. මේ බව විශේෂ චක්‍රලේඛයක් මගින් පළාතේ සියළු විදුහල්පතිවරුන්ට දැනුම්දෙන ලෙසද ආණ්ඩුකාරවරිය කියා සිටියාය. හෙළ බොජුන් පාසල් තුළ ප්‍රචලිත කිරීම මගින් දරුවන්ට වැළදෙන දියවැඩියාව, අධික තරබාරුව වැනි රෝග ලක්ෂණ අවම කර ගැනීමට හැකියාව පවතින බවද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කියා සිටියාය.

    මේ අතර සෑම පාසලකම සෑම පන්ති කාමරයක්ම පිරිසිදු කිරීම තුළින් ඩෙංගු වසංගතය පාසල් තුළ ව්‍යාප්තවීම නතර කර ගත හැකි බවද ආණ්ඩුකාරවරිය මෙහිදී සදහන් කළ අතර සෑම පන්ති කාමරයක්ම පිරිසිදු කර පිරිසිදුකම අතින් හොදම පන්ති කාමරය තෝරා ඔවූන් ඇගයීමට ලක් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කියා සිටියාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya