මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    කොරියාවේ නීති විරෝධීව රැදී සිටින ශ්‍රමිකයින්ට සියරටට පැමිණීමට පොදු සමා කාලයක්

    ජනවාරි 30, 2020

    කොරියාවේ රැකියා සඳහා ගොස්,ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් එරට රැදී සිටින ශ්‍රමිකයින් හට දඩුවමකින් තොරව නැවතත් සියරටට පැමිණීම සඳහා පොදු සමා කාලයක් කොරියානු රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත.

    මෙම පොදු සමා කාලය 2019 දෙසැම්බර් මස 11 වැනි දින සිට 2020 ජුනි 30 දින දක්වා මාස 6ක කාලයක් ක්‍රියාත්මක වේ.

    වීසා කාලය ඉක්මවා වලංගු වීසා නොමැතිව නීති විරෝධීව කොරියාවේ රැදී සිටින්නන් මෙම කාලය තුළ ගමන් බල පත්‍රය, ස්වෙච්ඡාවෙන් පිටත් වීම පිළිබඳ ප්‍රකාශය සහ බෝඩීන් පාස් එක කොරියාවේ තමන් රැදී සිටින ප්‍රදේශයේ ආගමන විගමන කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය.එවිට ඔවුන්ට කිසිදු දඩ මුදලක් ගෙවීමෙන් තොරව රටින් පිට වීමට අවස්ථාව ලබා දෙන අතර ඔවුන් අසාදු ලේඛනයට ද ඇතුළත් නොකරනු ඇත.

    පසුව අවශ්‍ය නම් එවුන්ට E –9,D-2,D-4,D-8 වර්ගයේ වීසා බලපත්‍ර සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලැබෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

    කොරියාවේ නීති විරෝධීව රැදී සිටිමින් රැකියා කරන ශ්‍රි ලාංකීකයින්ගේ මෙරට වෙසෙන ඥාතින් සිටි නම් මෙම පොදු සමා කාලයෙන් උපරිම ප්‍ර යෝජන ගෙන නැවත ශ්‍රි ලංකාවට පැමීණිම සඳහා ඔවුන් දැනුම්වත් කරන මෙන් ද කාර්යංශය ඉල්ලා සිටියි.

    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දුරකතන අංක 1345 ඇමතීමෙන් කොරියාවේ ආගමන විගමන මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකි බව ශ්‍රි ලංකා විදේශ නියුක්ති කාර්යංශය කොරියාවේ නීති විරෝධිව රැදි සිටින ශ්‍රි ලංකික ශ්‍රමිකයිනට දැනුම් දෙයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya