මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    ණය සහන පැකේජය ලබාදීම ගැන සාකච්ඡා කිරිමට මහබැංකුව වාණිජ බැංකු කැඳවයි

    ජනවාරි 30, 2020

    ආර්ථික ප්‍රශ්න නිසා ණය ගෙවා ගත නොහැකිව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් සඳහා රජය ලබා දී ඇති ණය සහන පැකේජය අනුව මහබැංකුව විසින් එම සහන ලබා දෙන ලෙස සියලු ම වාණිජ බැංකු වලට චක්‍ර ලේඛනයක් මඟින් දන්වා යවා ඇතත් සමහර බැංකු ඒ අනුව කටයුතු නොකරන බවට ශ්‍රි ලංකා මහබැංකුවට පැමිණිළි ලැබි ඇත.

    ණය ගෙවා ගත නොහැකිව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ගේ ණය ගෙවීමේ කාල සීමාව වසරකින් දිර්ඝ කර දෙන ලෙසත්,පොළිය සඳහා සහන සලසන ලෙසත් මහ බැංකුව චක්‍ර ලේඛනයක් මඟින් සියලු ම වාණිජ බැංකු වලට පසුගිය දා දන්වා යවනු ලැබිය.

    එම ණය සහන ලබා ගැනිමට වාණිජ බැංකුවලට ගිය ඇතැම් ව්‍යවසායකයින්ට සමහර බැංකු කළමණාකරුවන් පවසා ඇත්තේ "අපට එහෙම චක්‍ර ලේඛනයක් ලැබි නෑ"යනුවෙනි.

    මේ නිසා සියලු ම වාණිජ බැංකු වල විධායක නිලධාරීන් ගෙන්වා සාකච්ඡා කිරිමට මහබැංකුව කටයුතු යොදා ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති,එම්.ඒ. කරුණාරත්න මහතා අද(30) පැවැති මාධ්‍ය හමුවේ දී පැවසිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya