මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    නේපාලයේ ලුම්බිණිය ඇතුළු බෞද්ධ සිද්ධස්ථානවල සංචාරය කිරීමට බියක් ඇති කරගත යුතු නෑ

    ජනවාරි 30, 2020

    නේපාලයේ ලුම්බිණිය ඇතුළු බෞද්ධ සිද්ධස්ථානවල සංචාරය කිරීමට කිසිදු බියක් ඇති කර ගත යුතු නැතැයි නේපාලයේ වැඩවසන සමස්ත නේපාල භික්ෂු සංගමයේ සභාපති,ලුම්බිණි සංවර්ධන මණ්ඩලයේ උපදේශක,ජාත්‍යන්තර බෞද්ධ සංගමයේ අධ්‍යක්ෂ පූජ්‍ය නේපාලයේ මෛත්‍රී හිමියෝ පවසති.

    මේ දිනවල චීනයේ ව්‍යාප්ත වන කොරෝනා වෛරස් රෝගයෙන් ආරක්ෂා වීම සඳහා සියළු සෞඛ්‍ය කණ්ඩායම් සූදානම් බවත් ඉන්දියානු සහ නේපාල දේශ සීමාවල එම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත පැය 24 පුරා ම ක්‍රියාත්මක විශේෂ මුරපොළවල් යොදවා ඇති බවත් රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් මෛත්‍රී හිමියන් සඳහන් කළහ.

    කොරෝනා වෛරසය හේතුවෙන් කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවත් නේපාලයේ ලුම්බිණි ඇතුළු බෞද්ධ ආගමික සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට ශ්‍රී ලාංකිකයින් කිසිදු බියක් ඇති කරගත යුතු නැති බව ද උන්වහන්සේ සඳහන් කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya