මෙම පෙළපාලිය සඳහා අණදෙන නිළධාරියා වශයෙන් මේජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතා කටයුතු කරන බවත්, දෙවන අණදෙන නිළධාරියා ලෙස බස්නාහිර ආරක්ෂක සේනා අධිපති හරේන්ද්‍ර රණසිංහ මහතා කටයුතු කරන බවත් වික්‍රමසිංහ මහතා මෙහි දී කියා සිටියේය.
එමෙන්ම, මෙම පෙළපාලිය සම්බන්ධ ව ත්‍රිවිධ හමුදාවේ භට පිරිස් වශයෙන් යුධ හමුදා භට පිරිස් 3,376 ක්, නාවික හමුදා භට පිරිස් 799 ක්, ගුවන් හමුදා භට පිරිස් 847 ක්, පොලිසිය 596 ක්, විශේෂ කාර්යය බළකායේ භට පිරිස් 327 ක්, සිවිල් ආරක්ෂක දෙපාර්තමෙන්තුවෙන් 385 ක්, ශිෂ්‍ය භට බළකායෙන් 252 ක් සහ සංස්කෘතික කණ්ඩායම වල පිරිස් 475 ක් මුලික වශයෙන් 7,267 ක් සහභාගී වන බව ද ඒ මහතා නිවේදනය කර සිටියේය. ඊට අමතර ව මෙම පෙළපාලියේ රථවාහන වශයෙන් පෙළපාලියට සහභාගී වන්නේ යුධ, නාවික, ගුවන්, පොලිස් හා විශේෂ කාර්යය බළකායේ රථවාහන, සන්නද්ධ රථ, සමඟ ත්‍රිවිධ හමුදාවට අවේනික රථ ගමන් කරනු ලබන බව මෙහි දී සඳහන් විය.