මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    නිදහස් උළෙලට සමගාමී ව නාවික හමුදාවෙන් මහජනතාව වෙනුවෙන් සුවිශේෂී අංග රැසක් ගාලු මුවදොර දී

    ජනවාරි 31, 2020

    නිදහස් දින සමරු උළෙල සඳහා ගාලු මුවදොර පිටියේ දී නාවුක හමුදාවට අයත් විශාල නෞකා නැංගුරම් දැමීමටත්, එහි දී ජාතිය වෙනුවෙන් සිය ආචාරය පිළිගැන්විමටත් කටයතු කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා කියා සිටී.

    ඒ මහතා මේ බව කියා සිටියේ (30) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී 72 වන නිදහස් දින සැමරුම් උළෙල පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙනු ලැබූ පැවති මාධ්‍ය හමුවේ දී ය.

    එදිනට ජනතාවට නාවික හමුදාව හා ඉතාමත් සමීප අන්දමට කටයුතු කිරීමට අවකාශ සලසනු ලබන බවත්, එහි දී නාවික හමුදාවේ ක්‍රියාකාරකම් දැක බලාගැනීමට සහ “මේ ඔබේ නාවික හමුදාවයි” යන තේමාව යටතේ අංග රැසක් සුදානම් කර තිබෙන බවත්, එදින දහවල් 2.00 සිට මහජනයාට පැමිණ මෙම සියලු දෑ දැකබලාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව ද සුරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

    එමෙන්ම, ප්‍රදර්ශන කුටි රැසක් සුදානම් කර ඇති බවත්, එදින තුළ දී නාවික හමුදාවට බඳවා ගැනීමේ කටයුතු ද සිදු කරන බවත්, ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ ද සිදු කරනු ලබන බවත්, නිල හරිත සංග්‍රාමය වැඩසටහන යටතේ සිදු කරන වැඩපිළිවෙලවල් සහ ප්‍රතිචක්‍රීයකරණය කිරීමෙන් පසු නිෂ්පාදිත භාණ්ඩ වෙළඳ කුටි ද සමන්විත වන බවත් මෙහි දී සඳහන් වූ අතර අංගම්පොර සටන් දැක බලාගැනිමටත්, නාවික හමුදා සංදර්ශන ආදිය ද ජනතාවට දැක බලාගත හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya