පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    අතහැරදමා තිබෙන නව නගර සැලසුම් හා නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට උපදෙස්

    ජනවාරි 31, 2020

    නව නගර සැලසුම් සහ නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමටත් අතහැර දමා තිබු නගර සැලසුම් හා නිවාස ව්‍යාපෘතිවල වැඩ අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

    නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන අවස්ථාවට සහභාගීවෙමින් අග්‍රාමාත්‍යවරයා පසුගිය දා මේ බව පැවසීය. තවද විදේශීය ඉදිකරීම් විශේෂඥයින් වෙනුවට දේශීය ඉදිකිරීම් විශේෂඥයින්ට අවස්ථාව ලබා දීමට කටයුතු කරන ලෙසත්, පිටරටින් රජයේ රෝහල්වලට ඇදන් ගෙන්වීම නතර කර, එම අවස්ථාව රජයේ කර්මාන්ත ශාලාවට ලබා දීමට කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

    දුෂ්කර ප්‍රදේශවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කොළඹ නතර වීමට ක්‍රීඩා නේවාසිකාගාරයක අවශ්‍යතාවය දැඩි ලෙස ඇති බැවින් එම ගොඩනැගිල්ල ඉදිකිරිම, පසුගිය කාලයේ අතහැර දමා තිබූ නගර සැලසුම් හා නිවාස ව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීමත් ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලෙසට එහිදී උපදෙස් ලබා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya