මේ අනුව කොරෝනා රෝගය බහුලව වාර්තාවන චීනයේ සිට පැමිණෙන ගුවන් මඟීන් සැමගෙන් තොරතුරු රැස් කරගන්නා බවත් එම තොරතුරු පරිගණක ගත කොට විශේෂ මෘදුකාංගයක් මඟින් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා වෙත යවන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජසිංහ මහතා ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය.
එවිට දින 14ක් ඇතුළත රෝග ලක්ෂණ තිබේදැයි සැකකරන අය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යවා හඳුනාගැනීමට හැකි බවද ඒ මහත කීය.
මෙහිදි වැඩිදුරටත් අඳහස් ද්ක්වූ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, ලෝක සෞඛ්‍ය සංවිධනය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කොට ඇතත් ශ්‍රී ලංකාව ඒ ගැන බිය විය යුතු නැති බවත් මෙහිදී සිදුවන්නේ ලෝක සෞඛ්‍ය සංවිධනයේ නීති රීති පිළිපැදීම පමණක් බවත් එය ප්‍රශ්නයක් නොවන බවත් සඳහන් කළේ ය.