මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    ස්ථාවර රජයක් යටතේ වී මාෆියාව සම්පූර්ණයෙන් තුරන් කර ගොවියත්,පාරිභෝගිකයත්,ව්‍යාපාරිකයත් සම්පූර්ණයෙන් ආරක්ෂා කරනවා

    පෙබරවාරි 01, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීමෙන් කඩිනම් කැබිනට් තීරණයක් ගෙන ගොවිමහතුන්ගේ වී රුපියල් පනහක සහතික මිලකට රජය මගින් මිලදී ගැනීමට කටයුතු කරන බව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කියා සිටී.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ (31) මහනුවර පොල්ගොල්ල සමුපකාර ශාලාවේදී වී අලෙවි මණ්ඩලය සංවිධානය කළ විශේෂ රැස්වීමක් අමතමිනි.

    එමගින් නොනැවතී ඉදිරියේ දී ස්ථාවර රජයක් යටතේ වී මාෆියාව සම්පූර්ණයෙන් නැති කර ගොවියත්, පාරිභෝගිකයත්, ව්‍යාපාරිකයත් සම්පූර්ණයෙන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
    මෙහිදී වී ගැටළුව පිළිබඳවත්, වී වලට සහතික මිලක් යටතේ රජය විසින් වී මිලදී ගැනීමේ ක්‍රමවේදය පිළිබඳවත්, දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
    මෙම අවස්තාවට මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් එස්.එස්. සේනානායක , වී අලෙවි මණ්ඩලයේ සභාපති ජේ.බී. මාන්නප්පෙරුම ඇතුළු නිළධාරින් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya