පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    චීනයේ වුහාන් නගරයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිස මව් රටට පැමිණෙයි

    පෙබරවාරි 01, 2020

    චීනයේ වුහාන් නගරයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් හා පවුල්වලට අයත් සමාජිකයන් 33ක් රැගත් ගුවන් යානාව මීට සුළු මොහොතකට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළඟා වී ඇතැයි හම්බන්තොට අප වාර්තාකරු පවසයි.

    UL 1423 දරණ ගුවන් යානය මෙම සිසුන් පිරිස රැගෙන ඒමට චීනය බලා පිටත් වී තිබේ. සිසුන් 33ක් රැගත් ගුවන් යානාව ශ්‍රී ලංකාවට පිටත් වූ බව බීජිං හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අළුයම වාර්තා කළේ ය

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි විදේශ සබදතා අමාත්‍යාංශය, චීන රජය, බීජිං හී ශ්‍රි ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම සිසුන්ට සියලු පහසුකම් සළසා දෙමින් ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන ඒමට පියවර ගෙන තිබේ.


    පසුගිය දින කීපය තුළ කොරෝනා වෛරසය තදින් පැතිර තිබෙන වුහාන් නගරයේ මෙම ශ්‍රී ලාංකික සිසුන් කොටු වී සිටියේ ය.

    මෙසේ චීනයේ සිට පැමිණෙන සිසුන් විශේෂ මඟී පර්යන්තයකින් රැගෙන විශේෂ පරීක්ෂාවකින් අනතුරුව විශේෂ ආරක්ෂිත බස් රථයකින් දියතලාව දක්වා රැගෙන යෑමට පියවර ගෙන තිබෙ න බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය ඊයේ (31) සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya