කොරෝරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වුහාන් නගරයේ ශ්‍රි ලාංකික සිසුන් පිරිසක් කොටු වී සිටි අතර ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අවශ්‍ය සියලු පියවර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය සෘජුව මැදිහත් වී කටයුතු කර අතර චීනයේ සියලු තානපති අංශ ද මේ සඳහා ක්‍රියාකාරී ලෙස මැදිහත් විය.
චීන රජය මේ අවස්ථාවේ දී රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කරමින් ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට සුබවදී ප්‍රතිචාරයක් දැක්වීම ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින සමීප මෙන් ම විශ්වාසදායක විදේශ ප්‍රතිපත්තිය මනාව පිළිබිඹු කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාව කළ ඉල්ලීම පිළිගත් චීන රජය මෙතෙක් වුහාන් නගරයේ රැදීසිටි ශ්‍රී ලාංකික සිසුන් ඉතාමත් ආරක්ෂාකාරී ලෙස ශ්‍රී ලංකාව වෙත පිටත් කර එවීමට පියවර ගත්තේ ය. ඒ අනුව රාජ්‍යතාන්ත්‍රික සමබඳා ඔස්සේ ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් මෙවන් තීරණාත්මක අවස්ථාවක චීනයේ රැදී සිටින විදේශීය වැසියන් පිටත් කර එවීමට අවසරය ලබදුන් සිව්වැනි රට බවට ශ්‍රී ලංකාව පත් විය. එය රටක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් ලබාගත් සුවිශේෂී වූ ජයග්‍රහනයකි.
චීනයේ වූහාන් ප්‍රාන්තයේ අධ්‍යාපන කටයුතු වල නිරතව සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කොට ඔවුන් ආරක්ෂා කාරීව ශ්‍රීලංකාවට එවීමට පියවර ගෙන ඇති බවද ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපති චෙං ෂුවාන් මහතා ඊයේ (31) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී ද ප්‍රකාශ කර තිබේ.