වසර 05කට වරක් පැවැත්වෙන එක්ස්පෝ ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේයි. 2020 ඔක්තෝම්බර් මාසයේ සිට 2021 අප්‍රේල් මාසය දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට රටවල් 190 ක් සහභාගීත්වය තහවුරු කර ඇත.
ශ්‍රී ලංකාව එක්ස්පෝ ඩුබායි ප්‍රදර්ශනයට සහභාගී වීම පිළිබද මූලික සාකච්ඡාවක් පසුගිය දා (31) කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ දී පැවැත්විණ.
මෙහි දී තීරණය වුයේ එක්ස්පෝ ඩුබායි ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කරන සියලු වැඩසටහන් රජයේ වැඩසටහනක් ලෙස ඉදිරිපත් කිරිමටයි. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය, කාර්මික අපනයන හා ආයෝජන අවස්ථා පුළුල් කිරිම යන කරුණු කෙරෙහි
මෙහිදී විශේෂ අවධානය යොමු කරන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය. මහලේකම් කාර්යාලයක් පිහිටුවා ඒ සදහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඒ සදහා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසත් ඇමතිවරයා අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.
මෙම සාකච්ඡාවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ, සංචාරක ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් මරීනා මොහොමඩ්, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුබසිංහ, අධ්‍යක්ෂක ජෙනරාල් ජීවනි සිරිවර්ධන යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.