මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook

    ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ප්‍රදීප් යසරත්න කොළඹ මහ දිසාපති ලෙස වැඩ භාර ගනී

    පෙබරවාරි 03, 2020

    කොළඹ දිස්ත්‍රික්කයේ නව දිසාපතිවරයා ලෙස ප්‍රදීප් යසරත්න මහතා අද (03) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යල නිලමැදුර පරිශ්‍රයේදී සිය ධුරයේ වැඩ භාර ගනු ලැබීය.

    කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයකු වන ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපධිධාරියෙකු හා කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරියෙකු ද වේ. 1998 වර්ෂයේ ශ්‍රි ලංකා පරිපාලන සේවයට එක්වන ඒ මහතා 2016 වසරේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි නිලධාරියෙකු ලෙස උසස්වීම් ලැබීය.

    කොළඹ මහ දිසාපතිවරයා ලෙස පත්වීම් ලැබීමට පෙර බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන ගණනාවක විධායක ශ්‍රේණියේ තනතුරු දරමින් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සුවිශේෂී අද්දැකීම් ලැබුවෙකි. වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයා ලෙසත්, කැස්බෑව හා මහරගම සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසත් රත්මලාන හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසෙත් කටයුතු කර ඇත.

    එමෙන්ම ඒ මහතා සීමා සහිත ලංකා පොහොර සමාගමේ සාමාන්‍යාධිකාරී, ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ ඇගයුම් මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස මෙන්ම කොළඹ අතිරේක දිසාපති හා සමාජසේවා අධ්‍යක්ෂ යන තනතුරු දරමින් රාජකාරි ඉටු කර ඇත. බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධුරයට පත්වීමට ප්‍රථම සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ ප්‍රදීප් යසරත්න මහතා දක්ෂ ලේඛකයෙක්, ටෙලිනාට්‍ය පිටපත් රචකයෙක් ලෙස ද ජනතා ප්‍රසාදයට පත්ව ඇත.

    සර්ව ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව ඒ මහතා සිය ධුරයේ රාජකාරී ඇරඹීය​. මේ අවස්තාවට රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන් ඇතුලු කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය එක් වූහ​.

     DMU/Colombo

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya