මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    ජගත් තෙත් බිම් දිනය අදයි- ජාතික උත්සවය බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී

    පෙබරවාරි 03, 2020

    ජගත් තෙත් බිම් දිනය ඊයේ දිනට යෙදී තිබුණු අතර එහි ජාතික උත්සවය අද (03) උදෑසන බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි.

    ජෛව විවිධත්වය සපිරුණු තෙත් බිම් සුරකිමු යන්න මෙවර තේමාවයි.මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදුවන හානිය වළක්වා තිරසර පරිසර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද සඳහන් කර ඇත.

    තෙත් බිම් හා ආවේණික ශාක කඩොල් වර්ග 8 ක් ආවේනික ශාක දෙකක් ඇතුළත් මුද්දර 10 ක් නිකුත් කිරීම, තෙත් බිම් ශ්‍රී ලංකා සඟරාව එළිදැක්වීම , දීප ව්‍යාප්ත තෙත්බිම් සිතුවම් තරඟාවලියේ ජයග‍්‍රාහකයින්ට ත්‍යාග සහ සහතික ප‍්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් අද දිනයේදී පැවැති වුණි. 1971 පෙබරවාරි 2 වැනිදා ලෝක තෙත්බිම් සම්මුතිය අස්සන් කරන ලද්දේ ඉරානයේ රැම්සා නුවරදීය. මේ වනවිට තෙත්බිම් සංරක්ෂණයට උනන්දු වන රටවල් 171 ක් රැම්සා තෙත්බිම් සම්මුතියට අස්සන් තබා තිබේ. ජාතික පාරිසරික පනත යටතේ මේ වනවිටත් නුවරඑලිය ග්‍රෙගරිවැව, මුතුරාවෙල, තලංගම වැව, වලව්වවත්ත වතුරාන, බොල්ගොඩ වැව යන තෙත් බිම් මේ වනවිටත් ආරක්ෂිත ප‍්‍රදේශ ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති අතර ඉදිරියේ දී තවත් තෙත්බිම් ගණනාවක් සංරක්ෂණය කිරීමට නියමිතය.

     

    තෙත් බිම් සංරක්ෂණය සඳහා ක්‍රියාත්මක වැඩසටහන්, සාර්ථක කරගැනීමට අදාළ ආයතනවල මෙන්ම ජනතාවගේ සහය ද අත්‍යවශ්‍ය බව, මධ්‍යම පරිසර අධිකාරිය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya