මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook

    අභිමානවත් 72 වන නිදහස් දිනය සැමරීමට නාවික හමුදාවෙන් සංදර්ශන රැසක්

    පෙබරවාරි 04, 2020

    ''සුරක්ෂිත දේශයක් සෞභාග්‍යමත් රටක්'' තේමා කර ගනිමින් 72වැනි නිදහස් සමරු උළෙල හෙට(04) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත්ව පැවත්වීමට සියලු විධි විධාන යොදා ඇත.

    ජාතික දින උළෙලට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවද රටවැට බැඳි රන්වැට නමින් සංදර්ශණ මාලාවක් ගාලු මුවදොර පිටිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. සංදර්ශණ මාලාව අද (04) පස්වරු2.00ට ආරම්භ වීමට නියමිතය.

     

    තවද ගාලු මුවදොර පිටියට ඔබ්බෙන් වූ මුහුදේ නැංගුරම් ලා ඇති නාවික හමුදාව සතු අධිතාක්‍ෂණ ගැඹුරු මුහුද නිරීක්‍ෂණ නෞකාවන්, නාවික වේග ප්‍රහාරක යාත්‍රා මගින් සිදු කරනු ලබන සංදර්ශණ, අංගම් පොර සංදර්ශණ සහ නාවික සෙබළුන් පවත්වන තවත් බොහෝ සංදර්ශණ නැරඹීමට මහජනතාවටද මෙහිදී අවස්ථාව සලසා ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

    නාවික හමුදාට එක්වීමට කැමති තරුණ තරුණියන්ටද ඒ සඳහා අවස්ථාව ලබා දී තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya