ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දා (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ජාතික නිදහස් දිනය පිළිබඳ ව නිල වශයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එමෙන්ම, මේ සඳහා දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට නිදහස් දිනයට සමගාමී ව ඒ ඒ දිස්ත්‍රික්ක තුළ අඩු වියදමකින් යුතු ව නිදහස් දිනය සැමරීමට උපදෙස් දී ඇති බව එහි දී පැවසූ එස්.හෙට්ටිආරච්චි මහතා, මෙම කාලය තුළ ග්‍රාමසේවා නිළධාරීවරයාගේ මූලිකත්වයෙන් ශ්‍රමදාන සිදු කිරීමටත්, පැළ සිටුවීම සඳහා විශේෂයෙන් කුඹුක්, මී, කොහොඹ යනා දී පැළ රෝපණය කිරීම ද සිදු කරනු ලැබෙන බවත් සඳහන් කර සිටියේය.
සුරක්ෂිත දේශයක් සෞභාග්‍යමත් රටක් තේමා කර ගනිමින් 72වැනි නිදහස් සමරු උළෙල අද (04) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත්ව පැවත්වීමට සියලු විධි විධාන යොදා ඇත