මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook

    නිදහස් දින සිරකරුවන් 512කට ජනපති පොදු සමාව ...

    පෙබරවාරි 04, 2020

     නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිරකරුවන් 512කට  පොදු සමාව ප්‍රදානය කර ඇත.


    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ ජනාධිපතිතුමා වෙත ඇති බලතල ප්‍රකාරව සහ අධිකරණ,මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නිර්දේශ මත මෙම පියවර ගෙන තිබේ.

    සොරකම්, විශ්වාසය කඩකිරීම සහ බීමත්ව රිය පැදවීම වැනි සුළු වැරදි යටතේ සිර දඬුවම් විඳින පුද්ගලයන්ට සමාව හිමිව ඇත. බරපතල අපරාධ එනම් ස්ත්‍රී දූෂණ, සොරකම්, බරපතල ලිංගික අපයෝජන සහ අල්ලස් ගැනීම වැනි චෝදනා යටතේ යටතේ සිර දඬුවම් විඳින කිසිවෙක් ඔවුන් අතර නොවෙති.


    මේ වසරේ ජනවාරි 31 වනදා වන විට බන්ධනාගාරය තුළ රැඳී සිටි සිරකරුවන්ට සමාව හිමි වන අතර එය අද (04) සිට බලාත්මක වේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya