මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සඳහා යෝජනා ජනපතිට පිළිගන්වයි ...

    පෙබරවාරි 04, 2020

    ජාතික වෙළෙද ප්‍රතිපත්තියක් සඳහා වූ යෝජනාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (03) පස්වරුවේ කොළඹ 07, විද්වත් වෘත්තිකයන්ගේ සංගම් මධ්‍යස්ථානයේ දී සිදු විය.

    අන්තර්ජාතික වෙළෙදාම සඳහා ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව කලක සිට සංවාදයට ලක් විය. ඒ වෙනුවෙන් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් මහජන කොමිසමක් පත් කරනු ලැබීය. කොමිසම වෙත විවිධ පාර්ශ්වයන් ලබාදුන් අදහස්වල සාරාංශය යෝජනාවලියට ඇතුළත්ය. වෘතිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූයේ ය.

    “නෛතික නිදහසින් වසර 72කට පසු ප්‍රතිපත්ති සම්පාදනය තුළින් සැබෑ නිදහසක් කරා” යන තේමාව යටතේ පැවති ප්‍රදර්ශනය නැරඹීමටද ජනාධිපතිතුමා එක්විය.

    මෙවන් ප්‍රතිපත්තියක් මෙතෙක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ආණ්ඩු මාරුවීමේ දී ආර්ථික ප්‍රතිපත්ති ද විවිධ වෙනස්කම්වලට ලක් වේ. එය රටේ ස්ථාවරත්වයට සහ දියුණුවට යහපත් තත්ත්වයක් නොවන බව ද මෙහිදී අවධාරණය කෙරිණ.

    සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya