මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    කුවේට්හි රැදී සිටි ශ්‍රමිකයින් 55ක් දිවයිනට

    පෙබරවාරි 05, 2020

    කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ කාන්තා ශ්‍රමිකයින් 55 දෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත ඊයේ( 04) UL 230 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබේ.

    දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම ශ්‍රමිකයින් සේවා ගිවිසුම ඉක්මවීම, රැකියා ස්ථානයේ සිදුවූ විවිධ කරදර, වැටුප් නොලැබීම, සේවා ගිවිසුම කඩවීම හා අසනීප තත්ත්වයන් හේතුවෙන් තානාපති කාර්යාලය වෙත වාර්තා කරන ලදී.

    මෙසේ පැමිණි ශ්‍රමිකයින් අතරින් විසි අට දෙනෙකු (28) සුබසාධන පහසුකම් හා අවශ්‍ය උපදේශන බලාපොරොත්තුවෙන් ගුවන්තොටුපල පරිශ්‍රයේ ඇති විදේශ සේවා නියුක්ති කාර්යාංශ කවුළුව වෙත යොමු විය. ශ්‍රමිකයන් දහතුන් දෙනෙකු (13) කාර්යාංශයේ සහන පියස මධ්‍යස්ථානය වෙතින් ගමන් වියදම් හා ආහාරපාන ලබාගෙන තම නිවෙස් බලා පිටත්වූ අතර අනෙකුත් ශ්‍රමිකයින් තම නෑදෑ හිතවතුන් සමග ගුවන්තොටුපලේදීම නිවෙස් බලා පිටත්විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya