මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    නාවික හමුදාව නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර 25 ක් පවත්වා ජාතිය වෙත උපහාර දක්වයි

    පෙබරවාරි 04, 2020

    72 වන නිදහස් සමරු උළෙලට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී අද (පෙබරවාරි 04) 1200 පැයට අභිමානවත් ලෙස සිදු කෙරිණි.

    නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් හා බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ගේ මඟපෙන්වීම මත සිදු කෙරුණු, මෙම වෙඩි මුර උත්තමාචාරය මෙහෙයවන ලද්දේ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අවි නිලධාරි, ලුතිනන් කොමාණ්ඩර් සම්පත් රණසිංහ විසිනි. ඒ සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් ඉන්දික ගුණවර්ධන සහ විධායක නිලධාරි, කොමාණ්ඩර් සුධිර ධර්මදාස ද එක්වී සිටියහ.

     

    දිවයින වටා වූ මහ සයුර ආරක්ෂා කරමින් මාතෘ භූමියේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, නිදහස් දිනය නිමිත්තෙන් ජාතිය වෙනුවෙන් පුද කරනු ලබන මෙම ආචාර වෙඩි මුර චාරිත්‍රය උත්කර්ශවත් අයුරින් පැවැත්වීම සඳහා කැපවී කටයුතු කරනු ලබයි.

     

    තවද, මුල්ම වතාවට නිදහස් දිනයක් වෙනුවෙන් මෙම වෙඩි මුර උත්තමාචාරය පවත්වා ඇත්තේ 1948 වර්ෂයේ දී වන අතර, එහි දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආචාර වෙඩි මුර 15 ක් ගාලු මුවදොර පිටියේ දී පවත්වා ඇත. 1949 වර්ෂයේ දී ද මෙම ආචාරය පවත්වා ඇති අතර, එය සිදුකර ඇත්තේ විජය නෞකාවේ දී ය. එහි දී එක් අවියක් පමණක් උපයෝගී කර ගනිමින් වෙඩි මුරයන් අතර කාල පරතරය විනාඩියක් ලෙස පවත්වා ගනිමින් මෙම ආචාරය සිදු කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. විජය නෞකාව අධිකාරියෙන් ඉවත් කොට භාවිතයෙන් ඉවත් කිරීමෙන් පසුව කොළඹ වරාය තුළ Galle Buck Bay නැමැති ස්ථානයේ මෙම අවි 03 ක් සවිකොට තිබුණි. නමුත් මෑත කාලයේ දී කොළඹ වරාය සීඝ්‍ර සංවර්ධනයකට හා පුළුල් කිරීමකට ලක් වූ බැවින් 2000 වර්ෂයේ දී එම අවි වර්තමානයේ පවතින ප්‍රදීපාගාරය අසලට ගෙනවිත් සවි කොට ආචාර වෙඩි මුර පවත්වා ඇත. එතැන් සිට අද දක්වාම නොකඩවා චාරිත්‍රයක් වශයෙන් නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව ජාතිය වෙත ආචාර දැක්වීම සඳහා ‍නාවික හමුදාව විසින් මෙකී කාර්යය සිදු කරනු ලබයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya