මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා රට තුළ ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කර ඇත- වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    පෙබරවාරි 05, 2020

    කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා රට තුළ ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කර ඇති අතර, පළමුවෙන්ම කොරෝනා වෛරසය ආසාදිත බවට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ චීන ජාතික කාන්තාව හැරුණු විට මේ වන තෙක් කිසිදු කොරෝනා වෛරස ආසාදිත රෝගියකු රට තුළ වාර්තා වී නොමැති බවත් මේ පිළිබඳ කරුණු දක්වන වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ලක්ෂ්මන් ගම්ලත් මහතා සඳහන් කරයි.

    අවදානම් අවස්ථාවක් ලෙස සලකා පූර්ව ආරක්ෂාවීම් සිදුකළ යුතු නමුත් අනිසි බියක් ඇති කරගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද ඒ මහතා අවධාරණය කරයි.

    මේ වන විට, ගුවන්තොටුපළේ දී මගීන් සුපරීක්ෂාවට ලක්කිරීම වඩාත් විධිමත් කර ඇති අතර, සියලුම රටවලින් පැමිණෙන මගීන් පරීක්ෂාවට ලක්කෙරෙන අතරම විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට හඳුනා ගන්නා මගීන්ගේ රට තුළ සිදුකෙරෙන ඉදිරි ගමන් විස්තර තොරතුරු විමසුම් පත්‍රිකාවක් මගින් ලබා ගැනීමට කටයුතු යොදා ඇත. එය පදනම් කරගෙන, මෙම මගීන් පිළිබඳ තොරතුරු යථාවත් කිරීමට ක්‍රම 3ක් ඔස්සේ වැඩපිළිවෙලක් යොදා තිබේ. අදාළ ප්‍රදේශයන්හි සෞඛ්‍ය නිලධාරීන් හරහා තොරතුරු ලබා ගැනීම, විශේෂ යෙදවුම් මෘදුකාංගයක් (App) මගින් ඔවුන් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීම, චීන ජාතිකයින්ට යම් රෝග තත්වයක් ඇතිවුවහොත් චීන තානාපති කාර්යාලය හරහා තොරතුරු ලබා ගැනීම යන ක්‍රමවේද ඔස්සේ ඔවුන් ලංකාවේ කුමන ප්‍රදේශයක සංචාරය කළද තොරතුරු ලබාගැනීමට කටයුතු සම්පාදනය කර තිබේ.

    පළමුවෙන්ම කොරෝනා වෛරසය ආසාදිත බවට වාර්තා වූ චීන ජාතික කාන්තාව සම්පූර්ණයෙන් සුවය ලබා ඇති නමුත් තව දුරටත් සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර අවදානම් රහිත බව තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් ඇය රෝහලෙන් මුදා හරින බවත් ලක්ෂ්මන් ගම්ලත් මහතා ප්‍රකාශ කරයි. මේ වන විට කොරෝනා ආසාදිත බවට සැකකෙරෙන රෝගීන් 14 දෙනෙකු රෝහල් වලට ඇතුළත් කර ඇතත් ඔවුන්ගේ ජෛව සාම්පල පරීක්ෂාවෙන් රෝගය ආසාදිත බවට කිසිදු සාධකයක් ලැබී නැත. එමෙන්ම, දියතලාව නිරෝධායන කඳවුරේ රඳවා ඇති චීනයෙන් පැමිණි කිසිදු සිසුවකුට රෝගය වැළඳී නැති බැවින් ඔවුන් තවත් දින 10 කින් නිවෙස් වෙත මුදාහැරීමට අපේක්ෂිතය.

    ශ්‍රී ලංකාව වෙත මගීන් 2000 ක් පමණ ගමන් ගන්නා නෞකාවක් පැමිණෙන බවට තොරතුරු ලැබී ඇති බව ප්‍රකාශ කරන වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා ගුවන්තොටුපළින් පැමිණෙන මගීන් පරීක්ෂා කරනවා හා සමානවම මෙම මගීන්ද පරීක්ෂාවට ලක්කිරීමටත් අවශ්‍ය සියලු සෞඛ්‍යාරක්ෂණ පියවර ගැනීමටත් සෞඛ්‍ය ඒකක සූදානම් කර ඇති බව කියා සිටියේය. පරීක්ෂා කටයුතු සඳහා අධෝරක්ත තාප ප්‍රතිරූපණ ස්කෑන් යන්ත්‍ර යොදා ගැනීමට නියමිතය.

    විශේෂයෙන්ම, රටපුරා කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීමේ වැඩපිළිවෙල වඩාත් විධිමත්ව හා ශක්තිමත්ව ක්‍රියාත්මක වන බැවින් හා පළමු රෝගියා හැරුණු විට වෙනත් කිසිදු රෝගියකු වාර්තා වී නැති බැවින් පාසැල් ඇතුලු කිසිදු ස්ථානයකදී අනිසි බියකින් කටයුතු කිරීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya