බොහෝ කොරෝනා වෛරස් වෙනත් සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන වෛරස් මෙන් පැතිරෙන අතර, ආසාදිත සතුන් මගින්, පුද්ගලයින්ගේ කැස්ස සහ කිවිසුම් යාම මගින්, පරිසරයට එකතුවන වෛරස මගින් ආසාදිත පුද්ගලයෙකුගේ දෑත් හෝ මුහුණ ස්පර්ශ කිරීමෙන්, ඔවුන් පරිහරණය කරන ලද උපකරණ වැනි දෑ ස්පර්ෂ කිරීමෙන් පැතිරේ. මෙහිදී කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සදහා දේශිය වෛද්‍ය ක්‍රමයේ ඇති වෛද්‍ය උපදෙස්, ප්‍රතිකර්ම හා ඖෂධ පිළිබදවත්, ඉදිරියේ දී වෛරසය පැතිරීම පාලනය සදහා දේශීය වෛද්‍ය ක්‍රමය තුලින් ගත හැකි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබදවත්, එ් පිළිබදව ජනතාව දැනුවත් කළ යුතු ආකාරය පිළිබදවත් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.
වසංගත රෝග පාලනය කිරීම සදහා දේශීය ආයුර්වේද ක්‍රමයේ හැකියාවක් තිබෙන පෙන්වා දෙමින් කොරෝනා වෛරසය මැඩලීමට ආයුර්වේද පිළියම් හා උපදෙස් ඇතුලත් අත්පත්‍රිකාවක් (අන්තර්ගතය - කොරෝනා වෛරසය ව්‍යාප්ත වන ආකාරය, පහසුවෙන් ගොදුරුවිය හැකි පුද්ගලයින්, ඇතිවන සංකූලතා, ආසාදිතයන් හදුනා ගන්නා ආකාරය, බෝවන රෝග පිළිබද ආයුර්වේදයේ දැක්ම, ආසාදනය වැළැක්විම සදහා ආයුර්වේද ප්‍රතිකර්ම, රෝගීන්ට සුදුසු දෑ) ජනතාව අතර බෙදාහැරීමට සහ අත්පොතක් මගින් වෛරසය පිළිබද හා ඉන් ආරක්ෂාවීමට ගතයුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබද ජනතාව දැනුවත් කිරිමට පියවර ගත් බව ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදි. මෙහිදී ඔවුන් පෙන්වා දෙන ලද්දේ කොරෝනා වෛසරයට මෙතෙක් කිසිදු බෙහෙතක් නොවෙන බැවින් ශරීර ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන් කටයුතු කළ යුතු බවයි. ඒ සදහා ප්‍රතිශක්තිකරණය වඩවන ආවේණික පාරම්පරික දේශිය ආහාර ලබාගැනීමට වැඩිවශයෙන් ජනතාව යොමු කළ යුතු බව පෙන්වා දෙන ලද අතර, කොරෝනා වෛරසය ද සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන වෛරස් මෙන් පැතිරෙන බැවින් දුම් ඇල්ලීම මගින් එය පාලනය කරගත හැකි ආකාරය පිළිබදව ද දැනුවත් කරන ලදි. එබැවින් රෝග පාලනය සහ පැතිරීම වැළැක්වීමට දේශීය වෛද්‍ය ක්‍රමයේ වන ක්‍රමවේදයන් පිළිබද ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබවත්. ඉදිරියටත් ඒ සදහා මාධ්‍ය මගින් සහයෝගය ලබාදෙන මෙන් ඉල්ලා සිටින ලදි.
මෙම සාකච්ඡාවේ දී සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ප්‍රකාශ කරන ලද්දේ බටහිර වෛද්‍ය ක්‍රමය යටතේ රුපියල් බිලියන 120 ක් මෙම වසරේ ඖෂධ සදහා වෙන් කිරීමට සිදුව ඇති බවත් එය රටක් වශයෙන් සතුටු විය තත්ත්වයක් නොවන බවයි. රටේ අවශ්‍යතාවයෙන් සියයට 70 ක් පමණ දේශීය ඖෂධ නිෂ්පාදනය කෙරුණත් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ නව ආයුර්වේද නිෂ්පාදන ආයුර්වේද දෙපාර්තමේන්තුව හා සංස්ථාව මගින් වෙළෙද පොලට ඉදිරිපත් කිරීමේ වැදගත්කම සහ රාජ්‍ය ඖෂධ සංස්ථාව සමග එක්ව ආයුර්වේද නිෂ්පාදන අලෙවි කිරීමට කටයුතු කිරීමේ ඇතිවැදගත්කමත් මේ පිළිබද දීර්ඝ වැඩපිළිවෙලක අවශ්‍යතාවය පිළිබදව ද පෙන්වා දෙන ලදි.
මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා, ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනී නීතීඥ සාගලා අභයවික්‍රම මහත්මිය, බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ස්වර්ණා කළුතොටගේ මහත්මිය, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා, පාරම්පරික දේශිය වෛද්‍යවරුන්, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන්, පාරම්පරික ශ්‍රාස්ත්‍රීය වෛද්‍යවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් සුවපත් කිරීමට ආණමඩුව ගල්ලෑව සුව පියසේ පාරම්පරික වෛද්‍ය වසන්ත වික්‍රමාරච්චි මහතා සොයා ගන්නා ලද නව පාරම්පරික ඖෂධ නිෂ්පාදනයක් දි.මූ.මූ. දිසානායක මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත පිළිගැන්විණි.