මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයනට කුර්දිස්ථානයෙන් වැඩි ඉඩක්

    පෙබරවාරි 05, 2020

    ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන සදහා වැඩි ඉඩක් ලබාදීමට කුර්දිස්ථානය එකගතාවය පළ කරයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ කුර්දිස්ථාන කාර්මික හා වාණිජ මණ්ඩල නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවක දී මෙම එකගතාවය පළ විය.

    සාකච්ඡාව පසුගිය දා කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ දී පැවැත්විණි. කුර්දිස්ථාන කාර්මික හා වාණිජ මණ්ලයේ සභාපති ධාරා ජාලිල් ඛාලීල් ඇතුළු නියෝජිතයෝ 16 දෙනෙක් මෙම සාකච්ඡාවට එක් ව සිටියහ. ඉරාක ශ්‍රී ලංකා කොන්සාල්ජෙනරාල්වරයා සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මෙම සංචාරය සංවිධානය කර තිබිණි.


    මෙම නියෝජිතයන් ඇමති ප්‍රසන්න රණතුංග මහතාට පෙන්වා දුන්නේ කුර්දිස්ථානයට පුහුණු ගුරුවරුනගේ හිගයක් පවතින බවයි. ආර්ථික සහයෝගිතාවයක් ලෙස පුහුණු ගුරුවරුන්ට කුර්දිස්ථාන ප්‍රාන්තයේ රැකියා අවස්ථා ලබා දීමේ හැකියාව ද මෙහි දී අවධාරණය කෙරිණ.


    කෘෂිකාර්මික අපනයන සදහා කුර්දිස්ථානයෙන් වැඩි අවස්ථාවක් ලබා දිය හැකි බව පෙන්වා දුන් කුර්දිස්ථාන නියෝජිතයෝ මෙරට තේ හා කුරුදු කුර්දිස්ථානයෙන් ඉහළ ඉල්ලුමක් තිබෙන බව ද කීහ.
    මෙම සාකච්ඡාවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද එක් ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya