මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    වසරේ ගතවූ දින 35ක කාලය තුළ ටොන් එකකට ආසන්න කේරළ ගංජා තොගයක් නාවික හමුදා මෙහෙයුම් මගින් අත්අඩංගුවට

    පෙබරවාරි 05, 2020

    2020 පෙබරවාරි 04 වන දිනයේදී පමණක් සිදු කළ සාර්ථක මෙහෙයුම් මගින් මෙම කේරළ ගංජා කිලෝග්‍රෑම් 157 ක ප්‍රමාණය සිය බාරයට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකි වී ඇත.

    ශ්‍රී ලංකා නාවික හමුදාව තම මෙහෙයුම් වඩාත් පුළුල් කරමින් මත් ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමේ ජාතික කාර්යභාරය තුළදී තම දායකත්වය මව්බිම වෙනුවෙන් ලබා දීමට නිරන්තරයෙන් කැපවීමෙන් කටයුතු කරනු ලබයි. ඒ අනුව‍, 2020 ජනවාරි 04 වන දින කන්කසන්තුරය මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ අති සාර්ථක මෙහෙයුම් වල ප්‍රථිපලයක් ලෙස කේරළ ගංජා කිලෝග්‍රෑම් 157 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා බාරයට ගන්නා ලදි.


    මුහුදු මාර්ග මගින් මෙරටට ගෙන ඒමට උත්සාහ කරනු ලබන මත්ද්‍රව්‍ය, ජාවාරම් කරුවන් විසින් රට අභ්‍යන්තරයට බෙදා හැරීම සඳහා ඉතා සූක්‍ෂම ක්‍රම භාවිතා කරනු ලබන අතර, එවැනි උත්සහයක් ව්‍යර්ත කරමින් මෙම කේරළ ගංජා ප්‍රමාණය සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය. ඒ අනුව කන්කසන්තුරය මුහුදු ප්‍රදේශයේදී ඇසුරුම් පහක (05) බහා මුහුද අභ්‍යන්තරයේ සඟවා බෝයාවක් මගින් එම ස්ථානය සළකුණු කර තිබූ, කේරළ ගංජා කිලෝ 43 ග්‍රෑම් 400 ක ප්‍රමාණයක් 2020 පෙබරවාරි 04 වන දින දහවල් කාලයේදී සිදු කළ මෙහෙයුමක් මගින් සොයා ගන්නා ලදි. එසේම එම ස්ථානයේ සිදුකළ වැඩිදුර මෙහෙයුම් මගින් එලෙසම තවත් ඇසුරුම් තුනක (03) සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 113 ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය.


    . තවද ගෙවී ගිය දින 35 ක කාල සීමාව තුළදී සිදු කරන ලද මෙහෙයුම් මගින් කේරළ ගංජා ටොන් එකකට (කිලෝග්‍රෑම් 988) ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වී ඇති අතර, ඉන් කිලෝ 700 කට අධික ප්‍රමාණයක් උතුරු මුහුදේ සිදු කරන ලද මෙහෙයුම් තුලින් පමණක් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. ඒ අනුව මුහුදු මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය රට තුලට පැමිණීම සාර්ථකව මැඩ පැවැත්වීමට නාවික හමුදාවට හැකිවී ඇත.

    SL Navy 

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya