මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    රටේ ජනතාව අනිසි බියකට යොමු කළ යුතු නෑ- කොරෝනා වෛරසය රට තුළ පතිරීම වැළැක්වීමට රජයක් ලෙස උපරිම පියවර ගෙන තිබෙනවා

    පෙබරවාරි 05, 2020

    කොරෝනා වෛරසය නිසා රටේ ජනතාව අනිසි බියකට යොමු කළ යුතු නැති බවත් කොරෝනා වෛරසය රට තුළ පතිරීම වැළැක්වීමට රජයක් ලෙස උපරිම පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසයි.

     කොරෝනා වෛරසය සමබන්ධයෙන් හ මුව ආවරණ සම්බන්ධයෙන් සහ ජාතික හදිසි තත්ත්වයක් ලෙස සළකා මුව ආවරණ නොමිලේ සපයන්නේ ද යන්නත් මේ නිසා ශ්‍රී ලංකාවට ආර්ථික ගැටළුවක් ඇති විය හැකි බැවින් පූර්ව සූදානමකින් කටයුතු කරන්නේ ද යන්නත් වෛරසය පැතිර යෑම වැලැක්වීමට ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමට කටයුතු කරන්නේ ද විමසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් යොමු කළේ ය.

    එහිදී පිළිතුරු ලබාදුන් අමාත්‍යවරිය ;

    චීනය සිට පැමිණෙන මඟීන් නොයෙක් රටවල් හරහා පැමිණෙන්නේ. ඔවුන් නිරෝධායනය කිරීම ප්‍රායෝගික නෑ. රටට වරායවල් වලින් එන හැම මඟීන්ගේම ශරීර උෂ්ණත්වය පරික්ෂකරනවා.  හැම මඟියෙක්ගේම තොරතුරු අරගෙන නිරන්තර පරීක්ෂාවක්ට ලක් කරනවා. වුහාන් ප්‍රාන්තයෙන් ළමයි මුදවා ගැනීමට හැකි වුණේ ජනාධිපතිතුමා අගමැතිතුමා චීනය සමඟ පවැති සබඳතවය නිසා. හතවැනි රාජ්‍ය ලෙස වහපු ගුවන්තොටුපලට යානයක් යවල ළමයි මුදවා ගන්න හැකි වුනා.

    වුහාන් ප්‍රාන්තයෙන් පැමිණි සියලු ළමයි ඉතාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිනවා. චීනයේ සිට පැමිණෙන සියලු මඟින් ගුවන් තොටුපල දී පරික්ෂා කරනවා. ලබගන්නා තොරතුරු ගුවන් තොටුපලේ දී පරිගණක ගත කර ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයින් වෙත ලබාදෙනවා. ඔවුන් සිටින ස්ථාන දැනුම් දෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මහජන පරික්ෂකවරු නිතිපතා ඔවුන් සිටින ස්ථාන වෙත ගොස් පරික්ෂ කරනවා.

    සෑම ගුවන්,නැව් මගියෙකුම දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපන කර්යාංශය මඟින් මුද්‍රණය කළ පත්‍රිකාවේ තිබෙනවා. එහි කිට්ටුම රෝහල් ගැන සඳහන් කර තිබෙනවා.චීනයෙන් පැමිණෙන කම්කරුවන් හා අනෙකුත් නිලධරීන් සම්බන්ධයෙන් ඔවුන් සේවා කරන ස්ථානයේ ම රැදී සිටිය යුතු බව ආගමන විගමන අංශවලින් දැනුම් දී තිබෙනවා. ඔවුන්ට මුඛ ආවරණ පැලදීම අවශ්‍ය බව දැනුම් දී තිබෙනවා.

    දැනට මෙම රෝගය වැළදෙන ආකාරය පිළිබඳව වානිජ හා බඩු බාහිරාදිය මඟින් රෝගය වැළදීමට හැකියාවක් නෑ. ඒ නිසා චීනයෙන් පැමිණෙන භාණ්ඩවලට සීමා කිරීමට අවශ්‍යතාවක් නෑ. බීජිං, සැංහයි වෙත ගුවන් ගමන් අඩු කිරීමට කටයුතු කර තිබෙනවා. වර්තමාන තත්ත්වය සළකා බලන විට කිසිදු බියක් ඇති කර ගත යුතු නැත. මුඛ ආරවණ පැළදීමේ අත්‍යාවශ්‍ය බවක් පෙන්නේ නෑ. ඉදිරියේ අවශ්‍ය පරිදි මුඛ ආවරණ වෙළඳපොළට නිකුත් කරයි. හදිසි අවශ්‍යතවක් ඇති වුවහොත් පමණක් ඊට අවශ්‍ය පියවර රජය විසින් ගනු ලබනවා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට යම් බලපෑමක් සිදු වෙනවා. වෙනත් රටවලින් සංචාරකයින් ආකර්ෂණය කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ජනාධිපතිතුමා අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදුන්නා. ජනාධිපතිතුමාගේ
    සෘජු අධීක්ෂණය යටතේ විද්වත් කමිටුවක් පත් කර ඇත. විද්වත් කමිටුවේ සෘජු අධීක්ෂණයක් සිදු වෙනවා. රටේ ජනතාව අනිසි බියකට යොමු කළ යුතු නෑ.කොරෝනා වෛරසය රට තුළ පැතිරීම වැළැක්වීමට රජයක් ලෙස උපරිම පියවර ගෙන තිබෙනවා.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya