අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,අද (5) පාර්ලිමේන්තුවේ දී මෝටර් වාහන පනත යටතේ නියෝගය පිළිබඳ විවාදය ආරම්භ කරමිනි.
බස් රථ ධාවනයේ දී හොඳ මඟී සේවයක් ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන්නේ. මඟී ප්‍රවාහන සේවය ශක්තිමත් කරන වැඩපිළිවෙලකට සියලු කටයුතු සූදානම් කරන්නේ. වහන තදබදය ප්‍රධාන ප්‍රශ්නයක්. කොළඹ වාහන ධාවනය වන්නේ කිලෝ මීටරයට 12ක වේගයෙන්. විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කළේ නැත්තන්ම් කොළඹට රාජගිරියේ සිට වහනයට වඩා පයින් එන්න පුළුවන් වෙනවා. කාලය පිළිබඳ තක්සේරු කරන්න බෑ. මේ තත්ත්වය වෙනස් කිරීමට රජය යම් ක්‍රියාමරග් වලට ප්‍රවේශ වෙන්න බලාපොරොත්තු වෙනවා.
පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කරමින් යනවා. ජනතාව පොදු ප්‍රවාහනයට ආකර්ෂණය කරගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. පොදු ප්‍රවාහන පද්ධතියට යොමු කිරීමෙන් පමණයි නාස්තිය හා කාලාය් ඉතිරි කරගන්න පුළුවන්. ඒ සඳහා කෙටි කාලීන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් බස් රථ 5000ක් කබිනට් මණ්ඩලය අනුමත කළේ දුෂ්කර මර්ගවලටයි. සියලු දෙනාට යන්න පුළුවන් බස් ර්ථ ගෙන්වන්නේ. සුඛෝපභෝගී බස් රථ ප්‍රමාණය වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. දුම් රියට පහසුකම් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි සාර්ථක දුම්රිය සේවයක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා බස් රථවල මඟීන්ගේ ප්‍රශනවලට දැඩි අවධානයක් යොමු කර තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.