මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    තැපැල්කරුවන්ට විදුලි යතුරුපැදි ලබා දීමට යයි - Speed Post''නමින් තැපැල් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ශිඝ්‍රගාමී සේවාවක්

    පෙබරවාරි 05, 2020

    තැපැල් දෙපාර්තමේන්තුවේ ලියුම් බෙදන තැපැල්කරුවන්ට විදුලි බලයෙන් ක්‍රියා කරන යතුරුපැදි ලබා දීමට යයි.

    මේ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති බවත්, මේ මඟින් තැපැල් සේවාව කාර්යක්ෂම සේවාවක් බවට පත් කළ හැකි වනු ඇති බවත්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එම අමත්‍යංශයේ අද (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසිය.


    මෙම යතුරුපැදි මිල දී ගැනීම සඳහා තැපැල්කරුවන්ට ජාතික ඉතිරි කිරීමේ බැංකුව මඟින් සහන පොළියට ණය මුදලක් ලබා දෙනු ඇත. එසේම, ඔවුන්ට මසකට රුපියල් 2,000 ක දීමනාවක් ලබා දීමට ද යෝජනා කොට ඇති බව ද පැවසූ අබේවර්ධන මහතා මෙම යතුරුපැදි බල ගැන්වීම සඳහා තැපැල් කාර්යයාල තුළ විදුලි ආරෝපණ මධ්‍යස්ථාන පිහිටුවීමට යන බව ද කීය.

    එමෙන්ම, තැපැල් කාර්යයාල මඟින් කඩිනමින් පාර්සල් භාණ්ඩ යැවීම සඳහා ''Speed Post''නමින් තැපැල් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ශිඝ්‍රගාමී සේවාවක් ලබා දීමට ආරම්භ කිරීමට කටයුතු යොදා ගෙන යන බව ද රාජ්‍ය අමත්‍යවරයා සඳහන් කළේය.
    මෙම ශිඝ්‍රගාමී තැපැල් භාණ්ඩ සේවාව නියමු ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රථමයෙන් කොළඹ, නුවරඑළිය, ගාල්ල හා මහනුවර තැපැල් කාර්යයාල මඟින් ආරම්භ කෙරෙන අතර පසුව, එය දිවයිනේ තැපැල් කාර්යයාල 5,000 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරේ. විදේශයන්හි සිට අලි බබා, ඇමේසන් ආදී ආයතන මඟින් එවන භාණ්ඩ ද මෙමඟින් බෙදාහරිනු ඇත.

    තැපැල් කාර්යයාලයට තැපැල් භාණ්ඩයක් භාර දුන් අයට එය ලබන්නා අතට පත් වූ පසු කෙටි දුරකථන පණිවුඩයක් (SMS) මඟින් දැනුම් දෙනු ඇත. මෙම ශිඝ්‍රගාමී තැපැල් භාණ්ඩ සේවාව මඟින් තැපැල් දෙපාර්තමේන්තුවට විශාල අදායමක් ලබා ගත හැකි බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
    මාධ්‍යවේදීන්ට සහන මිලකට GB100 ක ඩේටා පැකේජයක් ලබා දීමට තම අමාත්‍යංශය කටයුතු කර ගෙන යන බව ද අබේවර්ධන මහතා කීය.

    තොරතුරු සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවිය ද මෙහි දී රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අතින් විවෘත විය. රාජ්‍ය අමත්‍යංශයේ ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර, කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගාමිණී විජේකෝන් යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya