අද(05) සිට 12 වැනි දින දක්වා බලපැවැත්වෙන පරිදි මෙම සමා කාලය ක්‍රියාත්මක වෙයි. මේ සදහා සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් තම අනන්‍යතාව සහතික කිරිමට හැකි ජාතික හැදුනුම්පත රියදුරු බලපත්‍රය හෝ එහි පිටපතක් හෝ රැගෙන ආ යුතුය.
එසේත් නොමැති නම් සිය බැංකු පොතේ ඡායා පිටපතක් හෝ ග්‍රාම නිලධාරි විසින් නිර්දේශ කරන ලද ලිපියක් හෝ අදාල ලිපිලේඛන අස්ථානගතවී ඇති බවට පොලිස් ස්ථානයක සිදුකරන ලද පැමිණිල්ලක පිටපතක් හෝ රැගෙන එන ලෙසට උපදෙස් ලබාදි තිබේ. මෙම පොදු සමාව හිමිවනුයේ 2019 සැප්තැම්බර් මස 30 වැනි දිනට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පමණකි.