මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook

    ස්වාධීන කොමිෂන් සභාවක් පත් කිරීමේ යෝජනාවක් ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවට

    පෙබරවාරි 07, 2020

    පාර්ලිමේන්තුව මගින් අනුමත කරනු ලබන රාජ්‍ය ප්‍රතිපත්ති, අයවැය මගින් වෙන් කරනු ලබන මුදලින් ක්‍රියාත්මක ව්‍යාපෘති හා දෙස් විදෙස් ආයෝජනවලින් සිදු කෙරෙන සංවර්ධන කටයුතු ඇගයීම සහ නියාමනය සදහා ස්වාධීන කොමිෂන් සභාවක් පත් කිරීමට යෝජනාවක් ලබන 20 වැනිදා(පෙබරවාරි 20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

    ඒ සදහා නව පනතක් ගෙන ඒමට ද යෝජනා වී තිබේ. ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ධාරිතාව සහතික කිරීම පිණිස අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ (6) පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත්තේය.

    ඕනෑම ආයතනයකින් අදාළ විස්තර ලබා ගෙන ඇගයීමට ලක් කිරීම සදහා යෝජිත පනත මගින් කොමිෂන් සභාවට බලය හිමිවිය යුතු බවද කාරක සභාවේදී යෝජනා ඉදිරිපත් වී තිබේ.

    මෙම කාරක සභාව,එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර.මේ අවස්ථාවට කමිටු සාමාජිකයෝ කිහිපදෙනෙක්ද එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya