තවද, කොළඹ සිට ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශයේ ජල විද්‍යාත්මක සමීක්‍ෂණයක් සිදු කිරීම සඳහා පැමිණි මෙම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් එච්ඒ හාඩස් (HA Hardas) ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක නිරත වීය. එහිදී එම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
දිගින් මීටර් 86 ක් සහ ටොන් 1920 ක ධාරිතාවයකින් යුත් ‘ජමුනා’ නෞකාව 2020 අප්‍රේල් 03 වන දින දක්වා ලංකාවේ රැදී සිටීමින් ජල විද්‍යාත්මක සමීක්‍ෂණයන් සිදු කිරීමට නියමිතව ඇත.