මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රකාශයට

    පෙබරවාරි 07, 2020

    පාර්ලිමේන්තුවේ, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රකාශයට පත් කෙරේ.

    පාර්ලිමේන්තුවේ, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන්ගේ නම් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් අද පෙරවරුවේ නිවේදනය කරන ලදී.මෙම කාරක සභාව නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ.

    එයට පැවරෙන වගකීම වනුයේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන පුද්ගලික මන්ත්‍රී යෝජනා සහ පනත් කෙටුම්පත් සළකා බැලීමය.
    අමාත්‍යවරු වන දිනේෂ් ගුණවර්ධන,ජෝන්ස්ටන් ප්‍රනාන්දු,ගාමිණි ලොකුගේ සහ තිලංග සුමතිපාල යන මහත්වරු එහි සාමාජිකයෝ වෙති.ඔවුන්ට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්‍ය විජේදාස රාජපක්ෂ,ෆයිසර් මුස්තාපා, විජයකලා මහේෂ්වරන්,ශ්‍රීයාණී විජේවික්‍රම,එඩ්වඩ් ගුණසේකර,නාමල් රාජපක්ෂ,තුෂාර ඉදුනිල්,නාලක ප්‍රසාද් කොළොන්නේ,සිසිර ජයකොඩි සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස එහි සාමාජිකයන් ලෙස පත්කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya