මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    72 නිදහස් දින සැමරුමට සමගාමිව නාවික හමුදාවෙන් රුක් රෝපණ වැඩසටහනක්

    පෙබරවාරි 07, 2020

    72 නිදහස් දින සැමරුමට සමගාමිව නාවික හමුදාව විසින් රුක්රෝපණ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි.

    72 නිදහස් දින උළෙලට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රුක්රෝපණ වැඩසටහන් මාලාවක් 2020 පෙබරවාරි මස 04 වන දින ක්‍රියාත්මක කරන ලදී.

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිදහස් දිනය නිමිති කර ගනිමින් සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි රුක් රෝපණ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලද අතර, මෙම වැඩසටහන් සඳහා විධානයන්හි ආඥාපති වරුන්, නියෝජ‍ය ආඥාපති වරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සියළුම නිලධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් විශාල පිරිසක් සහභාගී විය.

    ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ නීල හරිත පාරිසරික සංග්‍රාමයේ තවත් එත් අධියරක් වශයෙන් මෙම රුක් රෝපණ වැඩසටහන් මාලාව නිදහස් දින උළෙලට සමගාමීව ක්‍රියාත්මක කරන ලද අතර, ඒ සඳහා ඒ ඒ ප්‍රදේශයන් සඳහා ආවේනික පැළ වර්ග මෙන්ම විවිධ වර්ගයේ ඖෂධ පැළ වර්ගද ඇතුළුව පැළ දහසකට අධික ප්‍රමාණයක් සිටුවීමට කටයුතු කරන ලදි.

    තවද, නාවික හමුදාව මේ වන විට තම වෘත්තීමය කටයුතු වලින් ඔබ්බට යමින් පාරිසරික සංවර්ධනයටද නිරන්තර දායකත්වය ලබාදීමට කටයුතු කරනු ලබන අතර, සාගර පරිසර පද්ධතිය සුරක්‍ෂිත කිරීම සඳහා ද සිය දායකත්වය මෙන්ම කැපවීමද නොඅඩුව ලබා දෙනු ලබයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya