මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    සියලු වංචා,දූෂණ,අක්‍රමිකතා සම්බන්ධයෙන් තරාතිරම නොබලා එක රටක්,එක නීතියක් යන ප්‍රතිපත්ති මත ක්‍රියා කරනවා- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    පෙබරවාරි 07, 2020

    සියලු වංචා ,දූෂණ,අක්‍රමිකතා සම්බන්ධයෙන් තරාතිරම නොබලා එක රටක්,එක නීතියක් යන ප්‍රතිපත්ති මත සිට ක්‍රියා කරන බව කැබිනට් ප්‍රකාහක ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ(6) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ පැවැති කැබිනට් දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය.

    කැබිනට් දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා පැවසුවේ,සියලු ම වංචා ,දුෂණ ,අක්‍රමිකතා සිදු වීම් සම්බන්ධයෙන් වෙනම ජනාධිපති කොමිසමක් මඟින් විභාග කරන අතර ඉදිරි මැතිවරණයෙන් පසුව පත් වන ආණ්ඩුව විසින් සියලු ම වින්දිතටයින්ට හා අසාධාරණයට ලක් වු සියලු දෙනා ගැනම සොයා බලා ඒ සඳහා නීත්‍යානුකූලව හා පළි ගැනීමේ චේතනාවෙන් තොරව අවශ්‍ය උපරිම දඩුවම් ලබා දී ම සඳහා ක්‍රියා මාර්ග ගන්නා බවයි.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා පැවසුවේ, යාලු මිත්‍රකම්, දේශපාලන සම්බන්ධකම් නොසළකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එක රටක්,එක නීතියක් යන ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වන බව අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya