අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.නන්ද මැතිව් මහතා,වෛද්‍යාචාර්ය රංජිත් අතපත්තු මහතා, ප්‍රින්ස් කසිනාදර් මහතා, එම්.එස්.තේමිස් මහත යන මන්ත්‍රීවරුන් පිළිබඳව ශෝක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
ශෝක යෝජනා පිළිබඳ විවාදය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත විසින් ආරම්භ කළ අතර අභාවප්‍රාප්ත මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝකය පළ කළ අග්‍රාමාත්‍යවරයා ඔවුන් සිදු කළ සමාජ සේවය අගය කර සිටියේ ය.
මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක යෝජනා පිළිබඳ දැනුම් දීමට යම්කිසි වැඩපිළිවෙලක් සැකසිය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන් අතර එය පිළිගන්නා බව කතානායකවරයා සඳහන් කළේ ය.