මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    පදිංචිය සහතික කිරීමේ ග්‍රාම නිලධාරි සහතිකය මින් ඉදිරියට ප්‍රදේශිය ලේකම්වරයා විසින් සහතික කිරීමක් සිදු නොවේ-රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

    පෙබරවාරි 07, 2020

    පදිංචිය සහතික කිරීම සඳහා ග්‍රාම නිලධාරිවරයා විසින් ලබාදෙනු ලබන සහතිකය මින් ඉදිරියට ප්‍රදේශිය ලේකම්වරයා විසින් සහතික කිරීමක් සිදු කිරිමක් අවශ්‍ය නොවන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් නිකුත් කළ නව චක්‍ර ලේඛනයේ සදහන් වේ.

    අදාළ පදිංචි කිරීම, සනාථ කිරීම සඳහා ලබාදෙන සහතිකය ග්‍රාම නිලධාරිවරයා පමණක් සහතික කිරීම ප්‍රමාණවත් වන බවත්,මහජනතාවට මේ හේතුවෙන් සිදු වන අපහසුතාවයන් මඟ හරවා ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යාංහය සඳහන් කරයි.

    මෙම මේ පිළිබඳව නිකුත් කළ චක්‍රලේඛනය මාර්තු 10 දා සිට වලංගු වේ.

    ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලින් ග්‍රාම නිලධාරින් ග්‍රාම නිලධාරින්ට පදිංචි සහතික පොත් සහ චරිත සහතික පොත් නිකුත් කළ යුත්තේ එම පොත්වල සැම සහතිකයක් ම ග්‍රාම නිලධාරි කොට්ටාසය දැක්වෙන මුද්‍රාව තැබිමෙන් අනතුරුව පමණක් බව ද චක්‍රලේඛනයේ සඳහන් වේ.

    මේ සඳහා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නම හා ග්‍රාම නිලධාරින් කොට්ඨාසයේ නම ඇතුළත් මුද්‍රාවක් සකස් කර තිබිය යුතු අතර එය සකසන තුරු දැනට භාවිත කරන මුද්‍රාව භාවිත කළ යුතු බවට අපදෙස් ලබාදී තිබේ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya