මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    ආබාධ සහිත පුද්ගලයන් පිළිබද ජාතික ප්‍රතිපත්තිය යාවත්කාලීන කීරීමට පියවර- අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි

    පෙබරවාරි 07, 2020

    ආබාධ සහිත පුද්ගලයන් පිළිබද සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව 2003 වසරේදී එළිදක්වන ලද ජාතික ප්‍රතිපත්තිය මෙම වසරේදී යාවත්කාලීන කීරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පවසයි.

    වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කල ප්‍රශ්න වලට අමාත්‍යවරු පිළිතුරු ලබා දුන් ආබාධිත ප්‍රජාව සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අසන ලද ප්‍රශ්නයටකට පිළිතුරු දෙමින් කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අද (7) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළාය.

    නියෝජ්‍ය කථානායක ආනන්ද කුමරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද(07)උදෑසන 10.30ට ආරම්භ විය.

    තවද ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වු ජාතික සභාව මගින් පත්කල නම්කල නිළධාරින් විසින් එම පුද්ගලයන්ගේ කටයුතු අධීක්ෂණය කරමින් ප්‍රගතිය සමාලෝචනය කරන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

    2016 වසරේ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ එක්සත් ජාතින්ගේ සංවිධානය නිකුත් කර ඇති නිළ ප්‍රඥප්තිය සිංහල හා දෙමළ භාෂාවෙන් පරිවර්තන සිදු කර ඇති අතර සංඥා සහ බේල් විකල්ප සන්නිවේදන ක්‍රම මගින් ද එය මේ වන විට පරිවර්තනය කෙරෙමින් පවතින බව අමාත්‍යවරිය සඳහන් කළාය. තවද ආබාධ සහිත පුද්ගලින් රැකියා සඳහා අනුයුක්ත කිරීම පිළීබඳවද කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය කළමණාරකණ සේවයේ පත් වීම් සඳහා 3% කෝටාව යටතේ ආබධ සහිත පුද්ගලයන් බඳවා ගැනීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

    ඒ අනුව 2020 වසරේ ආයතනයේ ක්‍රියාකාරී සැළැස්මට මෙම කරුණු ඇතුළත් කර ඇති බවත් මේ වසරේ එහි කටයුතු අවසන් කරන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

    තවද එක් එක් ප්‍රදේශයන්ට ආවේණික ව්‍යාපාර හඳුනාගෙන ඒ සඳහා යොමුවීමට අවශ්‍ය අත්වැල් සපයමින් කාන්තාවන් බල ගැන්වීම සඳහා අවශ්‍ය තාක්ෂණික ඥානය ලබා දීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරිය ගැබිණි මව්වරුන් සඳහා ලබා දෙන පෝෂණ මල්ල තවදුරටත් ලබා දිම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවද පැවසුවාවය

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya