මහවැලි සංවර්ධන අමාත්‍යංශය ඒ සදහා පෙරමුණ ගෙන ඇත. මෙහි එක් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරුණු මහවැලි ජනපදිකයන්ගේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන අඩංගු ප්‍රදර්ශනයක් මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ හා පරිසර හා වනජීවි සම්පත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහවැලි එච් කලාපයේ තඹුත්තේගම දී (07) ආරම්භ කෙරිණි.
මෙහි දී මහවැලි නිෂ්පාදකයන්ට ඇති ගැටළු පිළිබඳව ව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එම නිෂ්පාදකයන් සමඟ සාකච්ඡා කළ අතර එහි දී රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ වැඩකරන රටක් තුළ සුළු හා මධ්‍ය පරිමාණ මහවැලි නිෂ්පාදකයන් හා ව්‍යවසායකයින් උපරිමයෙන් ශක්තිමත් කරමින් ඔවුන් ආර්ථික ව බලගන්වන බවයි.