මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත් මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට

    පෙබරවාරි 07, 2020

    කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත් මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) සිදු විය.

    මෙරට පාසලක ඉදිකෙරුණු ප්‍රථම සත් මහල් ගොඩනැගිල්ල ලෙස මෙම ගොඩනැගිල්ල ඉතිහාසයට එක්වන අතර ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයාව සිටි අවධියේ මේ සඳහා මුල්ගල තැබීම විශේෂත්වයයි. එමෙන් ම ජනාධිපතිවරයා ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබේ.

    පාසල් ජීවිතයේ වත් පිළිවෙත්වලට මුල් තැන දෙමින් ප්‍රථමයෙන්ම විහාර මන්දිරය වැඳ පුදාගැනීමෙන් අනතුරුව මාතෘ භූමිය වෙනුවෙන් ජීවිතය කැප කළ රණවිරු ස්මාරකය වෙතද විද්‍යාලයීය ආදි කතෘ හෙන්රි ස්ටීල් ඕල්කට් පිළිරුවටද පුෂ්පෝපහාර දැක්වීමට ජනාධිපතිවරයා කටයුතු කළේ ය. මෙහිදී ජනාධිපතිවරයා වෙනුවෙන් උපහාර පිදීමක් ද සිදු විය,

     

    තවමත් දියුණු වෙමින් පවතින රටක් යන මානසිකත්වයෙන් ඉවත් වී සැබෑ දියුණුව අත්කරගන්නට අවැසි දැක්ම හා සැලැස්ම පිළිබඳව උත්සව සභාවට කරුණු ඉදිරිපත් කළ ජනාධිපතිවරයා, ගුරු කේන්ද්‍රීය හා විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට ගමන් කිරීමේ කාලය එළැඹ ඇති බව පෙන්වා දුන්නේ ය.

    මේ අවස්ථවට මැති ඇමැතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහ පාසල් දරු දැරියන් රැසක් එක්ව සිටියේ ය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya