ශ්‍රී ලංකාවේ නිදහසින් 72 වන සංවත්සරය නිමිත්තෙන් විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් 2020 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාවට පත් කරන ලද නේවාසික සහ අනේවාසික තානාපතිවරුන් සඳහා තේ පැන් සංග්‍රහයක් විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී පැවැත්වීය.
තානාපතිවරුන් පිළිගැනීමේ දී අමාත්‍ය ගුණවර්ධන මහතා විසින් මෙහි දී ශ්‍රී ලංකාව වසර ගණනාවක් තිස්සේ අනෙකුත් ජාතීන් සමඟ භුක්ති විඳින සුහද ද්විපාර්ශ්වික සබඳතා ඉස්මතු කළේය. ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද මෙම තේ පැන් සංග්‍රහය අතරතුර දී එම තානාපතිවරුන් ඇමතූ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා සියළුම තානාපතිවරුන් දැක් වූ දායකත්වය ද අගය කරන ලදී.
ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ ප්‍රධාන අංග ලෙස හඳුනාගෙන ඇති වෙළඳ, ආයෝජන සහ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ඇඟලුම්, කුළුබඩු, පෝසිලේන්, තේ, මැණික් හා ස්වර්ණාභරණ යන අංශ නියෝජනය කරන තෝරාගත් ව්‍යාපාර කිහිපයකට මෙම තේ පැන් සංග්‍රහය අතරතුර ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට ද අවස්ථාව සැලසිණි.
ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ ආයෝජන සහ සංචාරක කටයුතු සඳහා අවස්ථා ප්‍රදර්ශනය කිරීම සඳහා හම්බන්තොට සහ යාල දක්වා සංචාරයක් මෙරට පදිංචිව සිටින අනේවාසික තානාපතිවරුන් සඳහා විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබිණි.
එම සංචාරය අතරතුර, තානාපතිවරුන් හට සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර, ශ්‍රී ලාංකික සංස්කෘතිය සහ ලෝක ප්‍රකට ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය භුක්ති විඳීමට ද අවස්ථාව සැලසිණි.