මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    වන ඝණත්වය වැඩි කිරීමට මහවැලි කලාප දහය තුළ රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර

    පෙබරවාරි 08, 2020

    ශ්‍රී ලංකාවේ වන ඝණත්වය වැඩි කිරීමට මහවැලි කලාප දහය තුළ රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනේ.

    රටේ වන ඝණත්වය 30% දක්වා වැඩි කිරීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ''සෞභාග්‍යයේ දැක්ම'' ජාතික ප්‍රතිපත්තියට අනුව, ''හැදෙන රටට වැඩෙන ගසක්'' යන තේමාව යටතේ රුක් රෝපණ වැඩසටහන් රැසක් 2020 වසර ආරම්භයේ පටන් රට පුරා ක්‍රියාත්මක කෙරිණි.

    ඒ සදහා මහවැලි සංවර්ධන අමාත්‍යංශය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හරහා මහවැලි කලාප දහය තුළ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කළ අතර මහවැලි එච්. කලාපයේ එම වැඩසටහන පසුගිය දා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ
    සහ පරිසර හා වනජීවි සම්පත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තඹුත්තේගම නල්ලච්චිය වැව අසල දී සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට ප්‍රාදේශීය මහජන නියෝජිතයින්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ ඉංජිනේරු සුනිල් පෙරේරා ඇතුළු නිළධාරින් රැසක් එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya