මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    රටපුරා මාර්ග දෙපස පැළ සිටවීමේ ජාතික ව්‍යාපෘතිය - කැස්බෑව - හොරණ මාර්ගයෙන් ඇරඹෙයි

    පෙබරවාරි 08, 2020

    රට හදන සෞභාග්‍යයේ දැක්ම නව රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුව තිරසාර පරිසර කළමනාකරණය ක‍්‍රියාත්මක කිරිමේ අරමුණින් රටපුරා මාර්ග දෙපස ක‍්‍රියාක්මක කිරිමට නියමිත රුක්රෝපණ වැඩසටහන 2020 කොළඹ - හොරණ ප‍්‍රධාන මාර්ගයේ කැස්බෑව - පොකුණුවිට කොටසින් මාර්ග හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී .

    මෙම අවස්ථාවට නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මාර්ග හා මාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුලූවගේ මහතා ජොන්සටන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් චමින්ද බස්නායක මහතා, ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.

     

    ඊට අමතරව මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරණ ඒකකය මගීන් ''හැදෙන රටට වැඩෙන ගසක්'' තේමාව කර ගනිමින් අධිවේගී මාර්ග පද්ධතියට හරිත වර්ණයක් වැඩපිළිවෙල යටතේ කඩවත සිට මාතර ගොඩගම දක්වා අධිවේගී මාර්ග කොටසේ පැල ලක්ෂයක් රෝපනය කිරිම සදහා වූ වැඩසටහනේ 200 වන රුක්රෝපණ වැඩ සටහනද 72වන නිදහස් සැමරුමදා අධිවේගී මාර්ගයේ කොට්ටාව කහතුඩුව අතර කොටසේ කුඹුක් සහ මූදිල්ලා පැල 300ක් රෝපණය කිරිමේ කටයුතු මාර්ග හා මහාමාර්ග අමාත්‍ය ජොන්සටන් ප‍්‍රන්නදු මහතාගේ පෞද්ගලික ලේකම් බී.එම්.චමින්ද බස්නායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

     

    මාතර ගොඩගම දක්වා අධීවේගී මාර්ගයේ දෙපස පරිසර පද්ධතියට වඩාත් ඵලදායී මී ගස්, කුඹුක්, මුදිල්ලා, කරඹ,මයිල,බුරුත ආදී ශාක පැල 80000කට අධික ප‍්‍රමාණයක් මේ වන විට රෝපණය කර ඇති බවත් ඉදිරියේදී කෙළවරපිටිය සිට කඩවත දක්වා අධිවේගී මාර්ග කොටස දක්ෂිණ අධීවේගී මාර්ග දිගුව වන මාතර හම්බන්තොට කොටසේත් විශාල ශාක ප‍්‍රමාණයක් රෝපණය කිරිමට නියමිත බවත් මෙම වැඩ සටහනේ නියමු අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිසර) අනුර මාන්නප්පෙරුම මහතා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya