මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 12ක් නාවික හමුදා බාරයට

    පෙබරවාරි 09, 2020

    නාවික හමුදාව විසින් මන්නාරම, වලෙයිපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 12දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

    ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතර, එහි තවත් එක් මෙහෙයුමක් 2020 පෙබරවාරි 07 වන දින රාත්‍රියේ මන්නාරම, වලෙයිපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, නාවික හමුදාව විසින් සිදු කල එම සෝදිසි මෙහෙයුමේදී කිමිදුම් කටයුතු සිදු කරමින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට හැකිවී ඇත. තවද එහිදී ඔවුන් විසින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 17ක්, ධීවර යාත්‍රා හතරක් (04), සහ කිමිදුම් උපකරණ කිහිපයක්ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

    මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 24ත් 50ත් අතර වයසේ පසුවන මන්නාරම පුදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින්, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන්, ධීවර යාත්‍රා, අනෙකුත් කිමිදුම් කටයුතු සඳහා යොදා ගනු ලබන ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කිළිනොච්චිය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya