මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ මධ්‍යම බස් ස්ථානය ප්‍රධන බස් රථ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්

    පෙබරවාරි 09, 2020

    කොළඹ මධ්‍යම බස් ස්ථානය ප්‍රධන බස් රථ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරන්න බලාපොරොත්තු වන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    තවදුරටත් කරුණු දැක් වූ අමාත්‍යවරයා, බස් රථ ධාවනයේ දී හොඳ මඟී සේවාවක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

    ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කරමින් යනවා, පොදු ප්‍රවාහනයට ජනතාව ඒකරාශී කරගැනීමට. සුඛෝපබෝගී බස් රථ ප්‍රමාණය වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා. දුම් රියට අවශ්‍ය පහසුකම් ලබාදෙනවා. සාර්ථක දුම් රිය සේවයක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. කෙටි කාලය තුළ බස් රථවල මඟීන්ගේ ප්‍රශ්නවලට දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
    කොළඹ මධ්‍යම බස් ස්ථානය ප්‍රධන මස් රථ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය,අග්‍රාමාත්‍යතුමා සමඟ මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. ලංගම හා පෞද්ගලික බස් ඒකාබද්ධ කාල සටහනක් අනුව ධාවනය කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසිය.

    අමාත්‍යවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී මේ අඳහස් පළ කළේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya