මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා අග්‍රමාත්‍යවරයා හා ඉන්දීය ජනාධිපතිවරයා අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡා- ද්වීපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධානය

    පෙබරවාරි 09, 2020

    ඉන්දීය රාජ්‍ය සංචාරයේ නිරතව සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ( 08) පස්වරුවේ නව දිල්ලියේ රාෂ්ට්‍රපතිභවන් හීදී පැවැත්විණි.

    මෙහිදී ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පවත්නා ද්වීපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධානය යොමු කෙරුණු අතර දේශපාලන, සංවර්ධන, ආරක්ෂක, වෙළෙඳ, සංස්කෘතික ක්ෂේත්‍රවල දෙරට අතර පවතින සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව ද දීර්ඝව සාකච්ඡා කරන ලදි.

    වෘත්තීය පුහුණු සහ රාජ්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍රවල පුහුණූ අවස්ථා ඇති කිරීමට ඉන්දීය රජයේ සහාය පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධානය යොමු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya