මුළු දිවයිනම ආවරණය වන පරිදි රජයේ රෝහල්වල හෙද නිලධාරීන් 36,000 ක් පමණ සේවය කරන අතර, මීට ප්‍රථම හෙද නිලධාරින් සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ වෙන් වූ හෙද සමීක්ෂණ වැඩමුළුවක් නොවුන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ පැවැත්වෙන ප්‍රථම හෙද සමික්ෂණ වැඩමුළුව ද මෙය වේ.
මුළු දිවයිනම ආවරණය වන පරිදි හෙද නිලධාරින් 550 කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම වැඩමුළුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතාගේ උපදෙස් මත හෙද අධ්‍යක්ෂිකා (වෛද්‍ය සේවා) එම්.බී.සී සමන්මලී මහත්මියගේ සංවිධාන දායකත්වය යටතේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ සදහා පූර්ණ තාක්ෂණික දායකත්වය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන (පුහුණු), පර්යේෂණ ඒකකය හා කළුබෝවිල ශික්ෂණ රෝහල විසින් ලබාදෙනු ලබයි.
මෙහිදී හෙද නිලධාරීන්ගේ සමීක්ෂණ 50 ක් ඉදිරිපත් කර විශිෂ්ඨතාවය අනුව සම්මාන හා සහතිකපත් ප්‍රදානය කිරිමට නියමිත අතර, එම සම්මාන හා සහතික පත්‍ර ප්‍රධානොත්සවය එදිනම (11) පස්වරු 3.00 ට බත්තරමුල්ල වෝටර්ස් ඒ්ඡ් හෝටලයේ Grand Ball Room හිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.