මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    රැකියා විරහිත උපාධිධාරීන්ගේ අයදුම්පත් භාරගැනීම පෙබරවාරි මස 20 දක්වා දීර්ඝ කෙරේ - ඇමති බන්දුල ගුණවර්ධන

    පෙබරවාරි 10, 2020

    රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය පෙබරවාරි මස 20 දක්වා දීර්ඝකළ බවත් ඒ සඳහා අයදුම්කළ හැකි අවම වයස් සීමාව වයස අවුරුදු 45 දක්වා ඉහළ දමා ඇති බවත් තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ සහ උසස් අධ්‍යාපන, නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

    එම අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය මේ මස 14 දිනට යෙදී තිබූ අතර අයදුම්කළ හැකි අවම වයස් සීමාව වූයේ වයස අවුරුදු 35යි.

    මේ සඳහා අයදුම්කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් උපාධි පාඨමාලාවක් හෝ පිළිගත් ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019-12-31 වන දිනට සම්පූර්ණ කර තිබිය යුතුය. තවද එම අයැදුම්කරුවන්, අයැදුම්පත ඉදිරිපත් කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථීර පදිංචිකරුවෙකු විය යුතුය. පදිංචිය සහ 2020-01-01 දිනට උපාධිය ලබා වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටි බවට ග්‍රාමනිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කළයුතුය.අයැදුම් පත්‍රය ජනාධිපති කාර්යාලීය www.presidentsoffice.gov.lkවෙබ් අඩවියෙන් බාගත කරගත හැකිය. මේ පිළිබද වැඩිදුර තොරතුරු 0112433261 දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැක. ඒ අනුව නිසි පරිදි සම්පූර්ණ කල අයදුම්පත

    රැකියා විරහිත උපාධිධාරින්/ඩිප්ලෝමාධාරී රැකියාගත කිරීමේ වැඩසටහන 2020, ආයතන කළමනාකරණ සහ සම්බන්ධිකරණ අංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 01 ලිපිනයට යොමු කල යුතු අතර එම අයදුම් පත්‍රය තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පෝස්ට් කූරියර් සේවාව මගින් එවිය යුතුය. එවිට එම අයදුම්පත එක් දිනක් තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ සඳහාම විශේෂයෙන් පිහිටුවා ඇති කාර්යංශයට ලැබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    තෝරා ගනු ලබන අපේක්ෂකයන් අභ්‍යාසලාභීන් ලෙස වසරක පුහුණු කාලයකට යටත් වනු ඇත. ඔවුහු ග්‍රාමීය හා වතු පාසල්, ප්‍රාදේශීය වාරිමාර්ග කාර්යාල, ගොවිජන සේවා මධ්‍යස්ථාන, ප්‍රාදේශීය වනජීවි කාර්යාල, දේශීය ආයුර්වේද රෝහල්, ග්‍රාමීය රෝහල්/ඩිස්පෙන්සරි, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම ගොවි පොළ, ව්‍යාප්ති සේවා මධ්‍යස්ථාන, ග්‍රාමීය සුළු අපනයන භෝග කාර්යාල, තක්සේරු දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව යන සේවාවන්හි නියුක්ත කෙරෙති.

    වසරක පුහුණු කාලය තුළ රුපියල් 20,000/ක දිමනාවක් ගෙවනු ලැබේ. දිස්ත්‍රික්ක පදනමින් පත්වීම් කෙරෙන අතර පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ වසර 05ක් සේවය කිරීම අනිවාර්ය බවද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya