විදේශිය විශ්ව විද්‍යාලට ශ්‍රී ලාංකික දරුවන් ඇඳ ගැනිම සඳහා විවිධ උපක්‍රම යොදන බවත්,කුමන හෝ පිරිසක් විසින් විවෘත විශ්ව විද්‍යාලය හා අනෙකුත් විශ්ව විද්‍යාල තුළ උද්ඝෝෂණ ව්‍යාපාර සිදු කොට ජාතික විශව විද්‍යාල පුද්ගලීකරණය සිදු කරන බවට පවසමින් දේශිය සිසුන් විදේශිය විශ්ව විද්‍යාල වලට ඇඳ ගැනීමේ කුමන්ත්‍රණයක් තිබෙන බව අමාත්‍ය බන්දුල ගූණවර්ධන මහතා අද((10) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති මාධ්‍ය හමුවක දී තවදුරටත් සඳහන් කළේය.
එහිදි තවදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා,මෙසේද සඳහන් කළේය.
විශ්ව විද්‍යාල වලට පැමිණෙන දරුවන් දිනපතා විවිධ උද්ශෝෂණවලට යාම හේතුවෙන් රජයේ විශ්ව විද්‍යාල වලට දරුවන් යැවිමට දෙමාපියන් අකමැත්තක් දක්වන සඳහන් කළ ඇමතිවරයා,ඒ හේතුවෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල හා විදේශ විශ්ව විද්‍යාලවලට දරුවන් යැවිමට එම දෙමාපියන් පෙළඹී ඇති බව ද සඳහන් කළේය.
මෙහිදි විවෘත විශව විද්‍යාලය සම්බනධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ මෙවැන්නකි. ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලය 1980 වසරේ පිහිටවා ඇත්තේ රැකියාවන් හි නිරත වල පුද්ගලින් සඳහා මුදල් ගෙවා උපාධියක් ලබා ගැනීමටයි.
ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට මුදල් ගෙවා මෙහි ඕනැම පාඨමාලාවක් හැදෑරිය හැකි යි.එහෙත් විවෘත විශ්ව විද්‍යාලය පෞද්ගලීකරණයට කරන බවත්,එහි පාඨමාලා ගාස්තුව 700%කින් ඉහළ දමන බවත් පැවසෙන බොරෝ ප්‍රචාරයන් හේතුවෙන්අද උදෑසන එම විශව විද්‍යාලයට ගොස් සොයා බැලුවා.
මෙම ආයතනයෙන් වැඩි ප්‍රමාණයක් පාසල් ගුරුවරුන් පශ්චාද් උපාධිය ලබා ගන්නවා.මේ වසරේ මාර්තු 01 දා සිට නීති උපාධිය හැදෑරිමට බඳවා ගැනිමට පියවර ගෙන තිබෙනවා.
කෙසේ වුවද විවෘත විශ්ව විද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැටුප් ගෙවිම සඳහා බිලියන 2 පමණ මසකට වැය වෙනවා.
මෙම වැටුප් පසුගිය රජය සමයේ ගෙවා ඇතිතේ කොටස් වශයෙන්.2018 වසරේ දි ගෙවා ඇත්තේ, මිලියන 1400ක් පමණි.මිලියන 330ක හිඟයක් තිබුණා.මෙම බාගෙට ගෙවීමේ ක්‍රමය ආරම්භ කළේ පසුගිය රජයයි.මෙම කාර්ය මණ්ඩල සඳහා වැටුප් ගෙවිම රජය විසින් කළ යුතු දෙයක් යැයි පැවසීය.