මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    නවක වධයේ වින්දිතයින් සඳහා සහන සැලසීමේ විමර්ශන කමිටුව සඳහා තොරතුරු ලබාගැනීම අරඹයි- අයදුම්පත් ප්‍රසිද්ධ කරයි

    පෙබරවාරි 10, 2020

    නවක වධයේ වින්දිතයින් සඳහා සහන සැලසීමේ විමර්ශන කමිටුව සඳහා තොරතුරු ලබාදීම සඳහා අවස්ථාව ආරම්භ කර ඇත.

    මේ සම්බන්ධව වන අයදුම්පත් සහ විස්තර ඇතුළත් දැන්වීම් අද (10) දින ජාතික පුවත්පත් වල පළ කොට තිබේ.

    තමන්ට සිදු වූ අසධාරණයක් හෝ නවක වධයට ගොඳුරක් වූවෙක් නම් මෙම කමිටුව වෙත පෙබරවාරි 28 දිනට පෙර අදාළ ලිපි ලේඛන, සාක්ෂි සහිත දිවුරුම් ප්‍රකාශ යොමු කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මහජනතාවට දැනුම් දෙයි.

    නවක වදය හේතුවෙන් පසුගිය වසරේ සිසුන් 2000ක ප්‍රමාණයක් විශ්ව විද්‍යාල අතහැර ගොස් ඇතැයි පොලිස් කොමිසන් සභාව පවසන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ පිළිබඳව අඳහස් දක්වමින් අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය.

    ශ්‍රේෂඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කළ බවත්,නවක වදය හේතුවෙන් විශ්ව විද්‍යාලය හැර ගිය අයට සාධාරණය කිරිමේ කොමිසමක් පත් කළ බවත් තමන්ගේ රාහස්‍ය භාවය ආරක්ෂා වන පරිදි ඊට පැමිණ සාක්ෂි ලබා දීමට හැකි බවද ඇමතිවරයා පැවසීය.

    මේ නිසා නවක වදයෙන් අසාධාරණයට ලක් වු දරුවන්ට සාධාරණය ඉටු කිරීමට මෙම කොමිසම මඟින් හැකි වන බව කිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya